| නැගිටින්න මගෙ පුතේ මොකද ඔය නොඉඳ නුඹ මගෙ උකුළෙ කොහෙද ඔය අනේ මගෙ රත්තරන් ඇයි කිසිත් මොකද මගෙ පුතා අද තවම නොම | කරන්නේ නිදියන්නෙ නොකියන්නෙ නැගිටින්නෙ |
| නොමිනිසුනි මට කියව් මගේ පුතු කළ මේසා වු දඬුවමක් පුතුට දුන්නේ කිරි බිඳක් මිසක වෙන ඔහු රටක් තව පුතුන් කීදෙනකු මෙහෙම | වරද ඇයිද ඉල්ලුවද බිලිගන්නවද |
| කුරිරු සැඩ රළ පතර සිඟිති කය මේ මහා අහස යට තනිවෙනව ‘අනේ අම්මේ’ කියා කෑ ගසා පොරවැදී බැරිම තැන හුස්ම පොද | පෙළන්නැති දැනෙන්නැති හඬන්නැති හරින්නැති |
| වත්සුණු තැවරූ වුවනත වැලිකැට තැවරෙන්න කිරි සුවඳැති සිඟිති මුවට කරදිය රිංගන්න සිනිඳු සුවැති ඇතිරිලි මිස පොළොව යහන වෙන්න කවදාවත් කිසි පුතෙකුට මේ දුක අත්වෙන්න | එපා එපා එපා එපා |
ගීතිකා....
ReplyDeleteඔබ සංවේදී දසුනට අතිසංවේදී අරුතක් එක්කළා
ජයෙන් ජයවේ ගීති!
බොහොමත්ම ස්තූතියි වර්ණ... මේ සංවේදී දසුන අරුත්ගන්වන්නට ඔබ කළ යෝජනාව නිසාමයි මේ තරම් ඉක්මණින් මා අතින් මේ කවි පෙළ ලියැවුණේ. ඔබේ ඒ දිරිගැන්වීමටත් අගය කිරීමටත් නැවත වාරයක් ඔබට ස්තූතියි...
Deleteසදා ජය හා සතුට ! වර්ණ
ලස්සනයි ගීතිකා... පද ටිකනම් ලස්සනයි... ඒත් කතාව නම් හිතාගන්නවත් බැරි තරම් දුක්බරයි....
ReplyDeleteඔව්... ගොඩාක් දුක්බරයි... මේ දසුන ඇස ගැටුනම, ඒ කතාව ඇහුවාම, මගේ හිතේ ඇතිවුණු වේදනාවයි, කලකිරීමයි තමයි මෙහෙම වචනවලට පෙරළුණේ...
Deleteසදා ජය හා සතුට ! කුරුට්ටනි