තුන් හිතකවත් නොවුණි නුඹේ දිවි සිඟිති සිරුරට නුඹේ දශමෙකුදු සේයාව හෝ නුඹේ ලැබුණි නම් සත්තමයි පොරකන්නෙ නුඹේ දිවි | ඩැහැගන්න රිදවන්න දැකගන්න රැකගන්න |
නුඹෙ කරුමෙ ගෙවුණු තැන මා කරුම නොදැන හෝ වුණු මහා පවට මම ගතින් නුඹ වින්ද දුක් සිතින් සිහිකර මළත් නුඹ, පුතුනි මම මැරි මැරී දිවි | රැස්කළෙමි පසුතැවෙමි හඬමි ගෙවමි |
සංවේදීයි
ReplyDeleteලස්සන පැදිපෙළ ජයවේවා!
බොහොමත්ම ස්තූතියි ඔබට...
Deleteනුඹේ නිසසල ගත දකින සඳ දෑස කඳුලින් පිරෙනවා
ReplyDeleteඅවි අමෝරං යුධ කළත් හිත තෙත ගතිය තව තියෙනවා
හිතේ සෙනෙහස පේන්නෑ පුත තුවක්කුව එය වහනවා
කොහොම අතහැර යන්නදෝ නුඹ මගේ පුතු සිහිකරනවා
සිගිති අත්පා මොලකැටිය පුත හිනැහිලා දුව පනිද්දී
සුන්දරයි තව අකුරු පටලං මුදු වදන් නුඹ කියද්දී
තෙමෙන නෙත්යුග වසා ගමි ඒ දසුන් මා නෙත අැදෙද්දී
අාදරේ දුක දැනෙන පපුතුර නුඹ නමින් ඉකිගහද්දී
උපන් නුඹ හට අාගමක් හා ජාතියක් බෙදලා තියේ
එහෙව් අාගම් ජාති අවිගෙන බෙදී වෙන්වුණ ලෝකයේ
උනුන් වෙත අවි අමෝරාගෙන දෙවියන්ගේ තුරුළට ගියේ
මෙහෙව් අාගම් ජාති ගැන නුඹ දැනගෙනද මේ මියගියේ
අහිංසකකම නොතේරෙන අවි උණ්ඩ දෑතට ගනු එපා
කිසිදු වරදක් නොමැති උන් වෙත ඉලක්කය හරියනු එපා
යකඩ වාහන උණ්ඩ හසුරන නොමිනිසුන් බිහිවනු එපා
බෙදී වෙන්වී මරාගන්නා ලෝකයක ඉපදෙනු එපා .....................
අපි අර කවිය මෙතනටත් ගෙනාවා... සතුටුයි ගීතිකා මේ කවි වලට... ලස්සනයි
කොපමණ කළද තුති ඔබට
Deleteඑපමණත් සිතට මදි මට
ඔබෙන් ලැබෙනා සහය එමට
මෙතෙකැයි කියා කියනු බෑ මට
කුරුටු පවුලේ ඔයාලට ස්තූතියි අපමණ, මේ සංවේදී කවි පෙළ මේ පිටුවට අරගෙන ආවාට. ඔයාලගෙන් ලැබෙන දිරිගැන්වීම් හා අගයකිරීම් වගේම මේ දක්වන සහයෝගයත් මට මහා ශක්තියක් මගේ කවි සිත රැකගන්න.
සදා ජය හා සතුට සමඟින්
කුරුටු පවුලට ආයුබෝවන් !
සේයාරුව දෙස බලාන
ReplyDeleteලියූ නමුත් කවි කොපමණ
කියාගන්න තව බැරිවුණ
කිසිවකි සිත්හී සිරවුණ