නැගිටින්න මගෙ පුතේ මොකද ඔය නොඉඳ නුඹ මගෙ උකුළෙ කොහෙද ඔය අනේ මගෙ රත්තරන් ඇයි කිසිත් මොකද මගෙ පුතා අද තවම නොම | කරන්නේ නිදියන්නෙ නොකියන්නෙ නැගිටින්නෙ |
නොමිනිසුනි මට කියව් මගේ පුතු කළ මේසා වු දඬුවමක් පුතුට දුන්නේ කිරි බිඳක් මිසක වෙන ඔහු රටක් තව පුතුන් කීදෙනකු මෙහෙම | වරද ඇයිද ඉල්ලුවද බිලිගන්නවද |
කුරිරු සැඩ රළ පතර සිඟිති කය මේ මහා අහස යට තනිවෙනව ‘අනේ අම්මේ’ කියා කෑ ගසා පොරවැදී බැරිම තැන හුස්ම පොද | පෙළන්නැති දැනෙන්නැති හඬන්නැති හරින්නැති |
වත්සුණු තැවරූ වුවනත වැලිකැට තැවරෙන්න කිරි සුවඳැති සිඟිති මුවට කරදිය රිංගන්න සිනිඳු සුවැති ඇතිරිලි මිස පොළොව යහන වෙන්න කවදාවත් කිසි පුතෙකුට මේ දුක අත්වෙන්න | එපා එපා එපා එපා |
Wednesday, September 9, 2015
නොඇරුණු ඇස් ඇර තියා මගෙ පුතු ගති දෙනෙත් පියා
Subscribe to:
Post Comments (Atom)
ගීතිකා....
ReplyDeleteඔබ සංවේදී දසුනට අතිසංවේදී අරුතක් එක්කළා
ජයෙන් ජයවේ ගීති!
බොහොමත්ම ස්තූතියි වර්ණ... මේ සංවේදී දසුන අරුත්ගන්වන්නට ඔබ කළ යෝජනාව නිසාමයි මේ තරම් ඉක්මණින් මා අතින් මේ කවි පෙළ ලියැවුණේ. ඔබේ ඒ දිරිගැන්වීමටත් අගය කිරීමටත් නැවත වාරයක් ඔබට ස්තූතියි...
Deleteසදා ජය හා සතුට ! වර්ණ
ලස්සනයි ගීතිකා... පද ටිකනම් ලස්සනයි... ඒත් කතාව නම් හිතාගන්නවත් බැරි තරම් දුක්බරයි....
ReplyDeleteඔව්... ගොඩාක් දුක්බරයි... මේ දසුන ඇස ගැටුනම, ඒ කතාව ඇහුවාම, මගේ හිතේ ඇතිවුණු වේදනාවයි, කලකිරීමයි තමයි මෙහෙම වචනවලට පෙරළුණේ...
Deleteසදා ජය හා සතුට ! කුරුට්ටනි