Wednesday, September 30, 2015

කාත්කවුරුවත් නැති අපි දෙන්නට අපි දෙන්නා විතරයි ඉන්නේ

කාත් කවුරුවත් නැති අපි දෙන්නට අපි දෙන්නා විතරයි ඉන්නේ
කාගේ කවුරුද කොතැනින් ආවද කොතැනට යන්නද නැහැ 
වාගේ ඉඳහිට ලැබෙනා අහරක් බෙදා හදා ගෙනමයි 
ගෙයක් දොරක් නැත අව්වට වැස්සට ඉන්න හිටින්නට සෙවණ 
කාත් කවුරුවත් නැති අපි දෙන්නට අපි දෙන්නා විතරයි
දන්නේ
කන්නේ
වුණේ
ඉන්නේ

Monday, September 14, 2015

හැරවුම් ඇති, ආපිට ගමන් නැති, කාලය මගයි… ජීවිතය එහි යන ගමනයි…

කිසිදා ආපස්සට නොයන කාලය සහ ජීවිතය
කාලයේ දිගු ගමන
එකට එක්වී කෙටි දුරක්
ජීවිතයෙ නිති අරුත 
මෙයම නොමවෙද හොඳම
සමඟින
යන
කියැවෙන
නිදසුන

Wednesday, September 9, 2015

නොඇරුණු ඇස් ඇර තියා මගෙ පුතු ගති දෙනෙත් පියා

නොඇරුණු ඇස් ඇර තියා මගෙ පුතු ගති දෙනෙත් පියා
නැගිටින්න මගෙ පුතේ මොකද ඔය 
නොඉඳ නුඹ මගෙ උකුළෙ කොහෙද ඔය 
අනේ මගෙ රත්තරන් ඇයි කිසිත් 
මොකද මගෙ පුතා අද තවම නොම 
කරන්නේ
නිදියන්නෙ
නොකියන්නෙ
නැගිටින්නෙ
               
නොමිනිසුනි මට කියව් මගේ පුතු කළ 
මේසා වු දඬුවමක් පුතුට දුන්නේ
කිරි බිඳක් මිසක වෙන ඔහු රටක් 
තව පුතුන් කීදෙනකු මෙහෙම
වරද
ඇයිද
ඉල්ලුවද
බිලිගන්නවද
          
කුරිරු සැඩ රළ පතර සිඟිති කය 
මේ මහා අහස යට තනිවෙනව 
‘අනේ අම්මේ’ කියා කෑ ගසා 
පොරවැදී බැරිම තැන හුස්ම පොද 
පෙළන්නැති
දැනෙන්නැති
හඬන්නැති
හරින්නැති
            
වත්සුණු තැවරූ වුවනත වැලිකැට තැවරෙන්න 
කිරි සුවඳැති සිඟිති මුවට කරදිය රිංගන්න
සිනිඳු සුවැති ඇතිරිලි මිස පොළොව යහන වෙන්න
කවදාවත් කිසි පුතෙකුට මේ දුක අත්වෙන්න 
එපා
එපා
එපා
එපා

Saturday, September 5, 2015

සොබා සිතුවම්

සොබා සිතුවම්

විටින්විට කැරකෙමින් තැනින්තැන
දඟකරන සුළං රැළි අතු අගම
පත් ඉරුව මත ඇදෙන පැන්සලට
අපූරුයි අගේ ඇති සිතුවමක් 

ඇවිදලා
දැවටිලා
බරවෙලා
නිමකළා

Thursday, September 3, 2015

ජීවිතය ගෙවුණාවෙ හුරුපුරුදු තනිකමින්

ජීවිතය ගෙවුණාවෙ හුරුපුරුදු තනිකමින්
වර්ණ කුලකයේ ‘අවසරයි මට යන්න’ පැදිපෙළ වෙනුවෙන් ලියැවුණු කොමෙන්ටුවකි.

Tuesday, September 1, 2015

මළත් නුඹ, පුතුනි මම මැරි මැරී දිවි ගෙවමි

මළත් නුඹ පුතුනි මම මැරි මැරී දිවි ගෙවමි
තුන් හිතකවත් නොවුණි නුඹේ දිවි
සිඟිති සිරුරට නුඹේ දශමෙකුදු
සේයාව හෝ නුඹේ ලැබුණි නම්
සත්තමයි පොරකන්නෙ නුඹේ දිවි
ඩැහැගන්න
රිදවන්න
දැකගන්න
රැකගන්න
   
නුඹෙ කරුමෙ ගෙවුණු තැන මා කරුම
නොදැන හෝ වුණු මහා පවට මම  
ගතින් නුඹ වින්ද දුක් සිතින් සිහිකර
මළත් නුඹ, පුතුනි මම මැරි මැරී දිවි
රැස්කළෙමි
පසුතැවෙමි
හඬමි
ගෙවමි