Tuesday, November 15, 2011

ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 10

අපි නොදන්න ඉංග්‍රීසි
ලොකුම අවුල මෙහෙ අයගේ
‘අපි (නො)දන්න ඉංග්‍රීසි’ය 
ඒකට කමක් නැහැ කොහොමද
ලොව කාහටත් පොදු බස වේ
භාෂාව
නොමවීම
ගැලවීම
සංඥාව

ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 09

ඉඳලා හිටලා පොඩි කඩයක් ඇරලානේ

ඉරිදට මෙහේ කඩ ඔක්කොම 
ඉඳලා හිටලා පොඩි කඩයක්
එදිනට යනෙන මගතොට හරි
මිනිසුන් නැති රටක් විලසිනි

වහලානේ
ඇරලානේ
පාළුයිනේ
දිස්වන්නේ

ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 08

restaurant-outside-dining
හය වෙනකොටත් බොහො කඩවල්
අට වෙනතුරුත් නොවසන්නේ
රෑ මැද අවන්හල් නම් මෙහි
එළිවෙන තුරුම බොහෝ සෙනඟින්
වහලාය
කුජදාය
ඇරලාය
පිරිලාය

ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 07

බ්‍රෑන්ඩඩ් බඩුයි පොඩි කඩවල විකුණනන්නේ
සුපිරි වෙළඳසැල්වල නැතිවක්
බ්‍රෑන්ඩඩ් බඩුයි පොඩි කඩවල 
සුපිරි බඩුයි සුපිරි මිළට 
ඒවා ගන්න එමට මුදල්
නැහැනේ
විකුණනන්නේ
අයවෙන්නේ
වැයවෙන්නේ

ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 06

පිළිවෙලකට ඇඳිල්ල සහ පැළඳිල්ල

පිළිවෙලකට ඇඳිල්ල සහ පැළඳිල්ල

ඇති හැකි නැති බැරි සැමගෙම සැළකිල්ල

කටේ තොලේ නොගෑවි කන කැවිල්ල

හුරුවන්නට වේය මෙහි නැත  ගැලවිල්ල

 

Monday, November 14, 2011

ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 05

ටැක්සිවලට‍ මෙහි ඇත්තේ බෙන්ස් රථ
ටැක්සිවලට‍ මෙහි ඇත්තේ බෙන්ස් 
ගමන බිමන නම් ඒවයෙ සුපිරි
අයකිරීම මීටරයට ගමන 
ගාස්තුවද සුපිරි සැපට දෙවැනි
රථ
වෙත
තිත
නැත

ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 04

බස් රථ විදුලි දුම්රිය එහෙ මෙහෙ දුවතී
බස්රථ, විදුලි දුම්රිය එහෙ මෙහෙ
ආසන ගණනටයි හිටගෙන ගමන්
යන එන මඟේ තැන්තැන්වල මැෂින් 
කාසි ගිලිති පිවිසුම් පත් මිලට
දුවතී
නැතී
වෙතී
දෙතී

ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 03

කන කන බනිස් සිහි කරවයි අගේ බත
කන්නට පාන්, මස්, බිත්තර, අලද 
පළතුරු ජූස්, කිරි, කෝපිද වයින් 
චොකලට්, බටර්, මී පැණි තැවරුමද
කන කන පාන් සිහි කරවයි අගේ
ඇත
වෙත
විත
බත

ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 02

පහළොස් පැයක් ඉර එළියෙන් එළිවේය

සවස හතර වෙනකොට ඉර 
සීත සමය හින්දා රැය
වසන්තයට මෙය කණපිට 
පහළොස් පැයක් ඉර එළියෙන්
බැහැලාය
දිගුවේය
පෙරළේය
එළිවේය

ස්විට්සර්ලන්තයේදී ලියැවුණු කවි… 01

ලුගානෝ

දහසක් පැතුම් පොදි බැඳගෙන මෙහි 
ලස්සන රටේ වසරක වාසය 
සුරපුර සිරිය විල වටකර තිබෙන 
අවුරැද්දකට අපි ඉන්නේ
ආවේ
හමුවේ
ගමේ
‘ලුගානෝ’වේ