Thursday, September 24, 2015

ඔබ කීවා මතකයිද පින් පාට බව මාව

giw1

26 comments:

  1. ලස්සනම ලස්සනයි.............

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි අවංක ආර්යන්
      ජය හා සතුට ! ඔබට‍

      Delete
  2. ලස්සනයි ගීතිකා................. හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි කුරුට්ටෝ

      කිසිත් ආපිට නොපතාම අපි
      බොහෝ දේ කැපකරනවා...
      ලදත් නොලදත් හැමදාම අපි
      සිතින් ආදරෙ කරනවා...

      ජය හා සතුට! ඔබට

      Delete
  3. ලස්සනයි ගීතිකා.........

    (මේ කවිය ගැන කියන්න දාහක් දෙවල් තියෙයි....ඒ තරම් ඒක සමීපයි ගීතිකා... තුරුට්ටා දාපු අලුත්ම පෝසට් එකත් මේ වගේ අනුන් වෙනුවෙන් වෙනස් වෙන අපි)

    ReplyDelete
    Replies
    1. කෙනෙක්ව සතුටින් තියලා, ඒ අය ලබන සතුට දිහා බලාගෙන අපි ලබන්නෙත් සතුටක්...
      කුරුට්ටගෙ කවි පෙළ කියෙව්වා. හරිම අර්ථවත්... මේ කවි පෙළත් ඒකෙ එක ඇමිණුමක් වගෙයි...
      එහෙමනම්... බොහොමත්ම ස්තුතියි සබරේ මිතුරේ
      ජය හා සතුට! ඔබට

      Delete
  4. ඔබගේ හැකියාව විශිෂ්ඨයි.නැවත එන්න ඔින නිසා බිලොග් රෝලටත් දාගත්තා

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි සුරංග බංඩාරේ
      අනිවාර්යයෙන්ම නැවත එන්න...
      ජය හා සතුට! ඔබට‍

      Delete
  5. ඔබේ ඔය සුදු පාට
    මං කැමති පින් පාට
    තරු අතර දුර ඈත
    ඇස් කොනින් බැලුවාට
    නොපෙණුනත් කිසිදාක
    මම ඉන්නෙ ඔබ ගාව...

    ජයවේවා ගීති!

    ReplyDelete
    Replies
    1. නොපෙනෙනා ලෙසින් වුව
      මා ළඟින් සිටියාට
      නොදැක, ඔබ නැති අඩුව
      පිරේ යැයි සිතුවාද...

      ජය හා සතුට! වර්ණ

      Delete
    2. හිත තනන කවිකාර
      කම්වලට ඉඩ නැතිව
      දුක්පත්ව දුර ඈත
      පේනවද මීදුමෙත්
      නුඹ අඳින සුදු පාට....

      ජය ගීති!

      Delete
    3. සයුර පෙරළා නැගෙන
      වෙරළ සොයමින් ඇදෙන
      රළඟ පෙණ කැටිවලද
      දකින්නෙමි නිරතුරුව
      මම අඳින සුදුපාට

      Delete
    4. අඳුරු වැහි වළාවක
      තරම් දුක රැඳුණාට
      මැකිලා නෑ තව මැණිකෙ
      ඔය මූණෙ පිං පාට

      Delete
    5. ලෝකයක දුක් තැවුල්
      හිත දරන් හිටියාට
      තවම ඇති මෘදු ගතිය
      කියයි ඒ පිං පාට

      Delete
    6. වෙන් වෙන්න නුඹ ළඟින්
      තුන් හිතෙත් නැතිවාට
      රවටන්න බැරි වුණා
      ආ විටදි මරුවාව

      Delete
    7. කිසිදිනෙක මා අතැර
      නොයන බව කියූ නුඹ
      මරු සමඟ යන විටදි
      නොගියෙ ඇයි මා කැටුව

      Delete
    8. නුඹත් ගෙන ගියා නම්
      මා එක්ක මගෙ ලොවට
      හැමදාම එකලෙසින්
      දැකගන්නෙ ඔය මුණෙ
      දයාබර පිං පාට....

      Delete
    9. හැමදාම එක ලෙසින්
      දැකගන්නෙ කෙලෙසකද
      ඔය මූණෙ පිං පාට ලෙස නිවැරදි විය යුතුය

      Delete
    10. ඔබ ළඟින් සිටියි නම්
      කොයි ලොවට ගෙන ගියද
      කිසිදිනෙක මැකේවිද
      මගෙ මූණෙ පිං පාට

      Delete
    11. පුංචි තුරු පත් අතර
      පිනි කඳුළු දුටුවාද?
      රැහැයි නද සමග එන
      හැඬුම් හඬ ඇසුණාද?
      පිං පාට රැඳි මුහුණ
      අරං ළඟඳිම දාක
      සුදු වතින් සැරසිලා
      මගෙ ලොවට එනවාද?...

      Delete
    12. පමා නෑ තවම නුඹ
      බලාගෙන හිඳිමි මම
      දිනෙක නුඹ එනතුරා
      සුදු වතිනි සැරසිලා

      පිං පාට මගෙ මුහුණ
      දැකගන්න හැමදාම
      නුඹෙ ලොවට මා රැගෙන
      යන්න නුඹ එනවාද

      Delete
    13. දිය සරැලි බිඳි තැනින්
      සුළඟ සෙලවෙන තැනින්
      රහසින්ම ඇවිත් නුඹ
      රැගෙන යමි මගෙ ලොවට....

      රාස්සිගෙ ඉර එළිය
      වැටුණු හැන්දෑවකට
      නුඹ ඉන්න සැරසිලා
      අරලියා මලක් ලෙස....

      Delete
    14. සැරසිලා සිටියාට
      අරලියා මලක් ලෙස...

      රාස්සිගෙ ඉර එළිය
      අරලියා මලක් මත
      වැටී විහිදෙන කලදි
      අරලියා මලේ සුද...

      හැකිවේද ගෙනයන්න
      රහසින්ම ඔබෙ ලොවට...

      Delete


    15. බැතිබරවු සුදු පාට
      ගෙනයි පිංබර පාට
      සඳ එළිය පිරි රෑට
      එන්න මහ වැව ළඟට...
      පරව යන නෙළුම් මල්
      සුවඳ ළඟ මම ඉන්නෙ
      බට පඳුරෙ රැහැයි හඬ
      අසාගෙන මම ඉන්නෙ....

      Delete
    16. පොහොය සඳ නැඟි රැයක
      සිල් සුවඳ පිරි පැයක
      නෙළුම් මල් සුවඳින්ද
      රැහැයි නද අතරින්ද
      එන්නෙ මඟ සොයාගෙන
      ඉසව්වට නුඹ ඉන්න...

      ඉතින් නුඹ මගබලා
      ඉන්නවද එනතුරා...

      Delete
    17. සුපුන් සඳකත් නොමැති
      නෙළුම් මලකත් නොමැති
      පිවිතුරුම පින් පාට
      පිරුණු මුහුණත් අරන්
      ඔබ එන්න මැදියමේ
      මම ඉන්නෙ මග බලන්...

      Delete