Wednesday, September 9, 2015

නොඇරුණු ඇස් ඇර තියා මගෙ පුතු ගති දෙනෙත් පියා

නොඇරුණු ඇස් ඇර තියා මගෙ පුතු ගති දෙනෙත් පියා
නැගිටින්න මගෙ පුතේ මොකද ඔය 
නොඉඳ නුඹ මගෙ උකුළෙ කොහෙද ඔය 
අනේ මගෙ රත්තරන් ඇයි කිසිත් 
මොකද මගෙ පුතා අද තවම නොම 
කරන්නේ
නිදියන්නෙ
නොකියන්නෙ
නැගිටින්නෙ
               
නොමිනිසුනි මට කියව් මගේ පුතු කළ 
මේසා වු දඬුවමක් පුතුට දුන්නේ
කිරි බිඳක් මිසක වෙන ඔහු රටක් 
තව පුතුන් කීදෙනකු මෙහෙම
වරද
ඇයිද
ඉල්ලුවද
බිලිගන්නවද
          
කුරිරු සැඩ රළ පතර සිඟිති කය 
මේ මහා අහස යට තනිවෙනව 
‘අනේ අම්මේ’ කියා කෑ ගසා 
පොරවැදී බැරිම තැන හුස්ම පොද 
පෙළන්නැති
දැනෙන්නැති
හඬන්නැති
හරින්නැති
            
වත්සුණු තැවරූ වුවනත වැලිකැට තැවරෙන්න 
කිරි සුවඳැති සිඟිති මුවට කරදිය රිංගන්න
සිනිඳු සුවැති ඇතිරිලි මිස පොළොව යහන වෙන්න
කවදාවත් කිසි පුතෙකුට මේ දුක අත්වෙන්න 
එපා
එපා
එපා
එපා

4 comments:

  1. ගීතිකා....
    ඔබ සංවේදී දසුනට අතිසංවේදී අරුතක් එක්කළා
    ජයෙන් ජයවේ ගීති!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි වර්ණ... මේ සංවේදී දසුන අරුත්ගන්වන්නට ඔබ කළ යෝජනාව නිසාමයි මේ තරම් ඉක්මණින් මා අතින් මේ කවි පෙළ ලියැවුණේ. ඔබේ ඒ දිරිගැන්වීමටත් අගය කිරීමටත් නැවත වාරයක් ඔබට ස්තූතියි...

      සදා ජය හා සතුට ! වර්ණ

      Delete
  2. ලස්සනයි ගීතිකා... පද ටිකනම් ලස්සනයි... ඒත් කතාව නම් හිතාගන්නවත් බැරි තරම් දුක්බරයි....

    ReplyDelete
    Replies
    1. ඔව්... ගොඩාක් දුක්බරයි... මේ දසුන ඇස ගැටුනම, ඒ කතාව ඇහුවාම, මගේ හිතේ ඇතිවුණු වේදනාවයි, කලකිරීමයි තමයි මෙහෙම වචනවලට පෙරළුණේ...

      සදා ජය හා සතුට ! කුරුට්ටනි

      Delete