Saturday, September 5, 2015

සොබා සිතුවම්

සොබා සිතුවම්

විටින්විට කැරකෙමින් තැනින්තැන
දඟකරන සුළං රැළි අතු අගම
පත් ඉරුව මත ඇදෙන පැන්සලට
අපූරුයි අගේ ඇති සිතුවමක් 

ඇවිදලා
දැවටිලා
බරවෙලා
නිමකළා

4 comments:

  1. දන්නවද ඔයා තුරු හිසක් මං
    නමුත් සෙනෙහස දැනනෙව මටත්
    දන්නවද ඔයා සිත්තරෙක් මං
    ඔය නළල දෙනව නම්
    හාදුවක් අඳින්නම්....

    ලස්සනයි ගීතිකා
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. නොඉල්ලා මවෙතින්
      දෙතොල් හෝ දෙකොපුල්
      ඉල්ලුවට නළල මගෙ
      කරන්නට සිතුවම්
      සොඳුරු හාදුවකින්
      සරසන්න සැබැවින්
      ගරුසරුව ඉඩ හරිමි
      තුරු සිත්තරාණන්ට

      සදා ජය හා සතුට සමඟින්
      වර්ණ සොයුරට ආයුබෝවන් !

      Delete
  2. http://3.bp.blogspot.com/-Rb8lrMgMhPk/VekkgCH0LaI/AAAAAAAAbSM/16X4NeCA3AM/s1600/syrian-toddler-2.jpg

    මේ දසුනටත් කවි අරුතක් දෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ණ ඒ යෝජනාවට... අනිවාර්යයෙන්ම මේ සංවේදී දසුන මගේ කවිවලිනුත් අර්ථ ගැන්වේවි.

      Delete